Published On: Wed, Oct 2nd, 2019

විහාරස්ථානට ආවාස ගෙයක් හදන්න වකුගඩුවක් විකුනපු උපාසකයා

Share This
Tags

තමන්ගේ ඇඳිවත විතරක් වෙනකන් දැන් දීපු අනේ පිඬු සිටුතුමා ගැන ඔබ අසා ඇති බුදුවීමට පාරමිතා පුරන සමයේ තමන්ගේ ඇස් දැන් දුන් බෝසතානන් වනසේ ගැන ඔබ අසා ඇති නමුත් තමන්ගේ වකුගඩුවක් දන්දීලා පන්සලේ ආවාස ගෙය සාදන අපේ කාලයේ බිසත් උත්තමයෙක්ගේ කතාව ඔබ අසා නැතුව ඇති මේ එම කතාවයි “අනේ මාගේ එකම හීනය තමයි මම මැරෙන්න කලින් මේ පන්සලට හොද ආවාස ගෙයක් හදලා දෙන එක. ඒක කරන්න මම කැමැතියි මාගේ ඇගේ කොටස් විකුණලා ආවාස ගෙය හදන්න. මේ පන්සලට මාගේ ගොඩ ඉඩම පුජා කලා, මඩ ඉඩම විකුණලා ධර්ම ශාලාවත් හාමුදුරුවන්ට වැඩ ඉන්න ආවාස ගෙය හදන්න පටන් ගත්තා දැන් මට සල්ලි නෑ ඉතිරි ටික කරන්න. ඒ නිසා මං කැමැතියි මාගේ ඇගේ තියෙන වකුගඩුවක් හරි මොනවා හරි විකුණලා ආවාස ගෙය මං මරෙන්න කලින් හදලා දෙන්න. ඒ නිසා මාගේ වකුගඩුවක් අරන් කවුරු හරි මට සල්ලි දෙන්න” යැයි පවසා සිටින්නේ තමන් සතු සියලු දේපළ මහා සංඝරත්නය වෙනුවෙන් විහාරස්ථානයක් සදහා පුජා කල ශ්‍රී සුමන ධර්ම බෞද්ධ මධ්‍යස්ථානය ලෙස විහාරස්ථානයක් පවත්වාගෙන යැම සදහා තමන් සතු සියලු දේපළ පුජා කල සුනිල් ධර්මසේන (55) නම් වු අයයි. පොලොන්නරුව පුලස්තිගම අභයපුර ශ්‍රී සුමන ධර්ම බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ 2014 වර්ෂයේ සමරවීර පටබැදිගේ සුනිල් ධර්මසේන මහතා ඔහුගේ පියා වන සමරවීර පටබැදිගේ පොඩි අප්පුහාමි මහතාගෙන් ලැබුණ අක්කර දෙකක ගොඩ ඉඩම පුජා කිරිම නිසාය. එතකින් නොනැවතුණ සුනිල් ධර්මසේන තමන්ට අයත් අක්කර දෙක හමාරක මඩ කුඹුරත් විකුණා දමා ඒ මුදලුත් විහාරස්ථානයේ දියුණුවට පුජා කර තිබේ. සුනිල් ධර්මසේන උපසක මහතා මෙසේද කිය… “අපට මොනතරම් මුදල් දේපළ තිබුණත් වැඩක් නෑ.

ඒ සියල්ල අපි මැරෙනකොට ගෙනියන්නේ නෑ. නමුත් අපි ජිවත්ව සිටියදි තම ආගම ජාතිය ගම වෙනුවෙන් යමක් කරලා ඒ දෙස බලලා සතුටු වෙන්න පුඵවන්නම් අන්න ඒක තමයි අපි කරන ලොකුම පින. කාටවත් පෙන්න පිං කරලා වැඩක් නෑ. මට අයිති සියලුම වස්තුව මං ගම රට ආගම වෙනුවෙන් මහා සංඝරත්නය වෙත පුජා කලා. ඒ විතරක් නෙවේ මේ විහාරස්ථානයේ ඉන්න ශිෂ්‍ය හිමිවරු පිරිවෙන් ගිහින් දාන්න එක්ක එන ඒ සියලු දේත් මං කරන්නේ. මාගේ දිවි තිබෙන තුරා මං සංඝරත්නය වෙනුවෙන් ඇප උපස්ථාන කරනවා. මට දැන් තියෙන් එකම ගැටලුව තමයි මේ ස්වාමින් වහන්සේලාට වැඩ ඉන්න තැනක් නෑ. දැන් මට සල්ලිත් නෑ. ඒ නිසා තමයි මාගේ වකුගඩුවක් හරි කාට හරි දිලා ඒ වෙනුවට මට මේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අවාස ගෙයක් හදලා දෙනවා නම් මම අද වුනත් වකුගඩුවක් දෙනවා. ඒ සදහා කැමැති කෙනෙක් හෝ ආවාස ගෙය හදලා දෙන්න කැමැති බෞද්ධ පිංවතෙක් සිටි නම් මේ අපේ නායක හාමුදුරුවන්ගේ දුරකථන (0718377573) අංකයට කතා කරන ලෙස ඉල්ලා සිටිමි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පොලොන්නරුව පුලස්තිගම අභයපුර ශ්‍රී සුමන ධර්ම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති මහවැලිගම සුමනරතන හිමි මෙසේ පැවසූහ. “මම ශ්‍රී ශාඛ්‍යා බිම්බාරාම විහාරාධිපති වහන්සේ වන යටිහලගල උපතිස්ස නාහිමිගේ ගෝලයෙක්. වසර ගණනාවක් මේ ප්‍රදේශයේම ඒ නාහිමි යටතේ විහාරස්ථානයක් තිබුණා.

එම විහාරස්ථානයේ තමයි මම වැඩ සිටියේ. කාලයක් ගිය විට එම විහාරස්ථානය හිමව තිබුණේ මහනුවර විහාරස්ථානයක නායක ස්වාමින් වහන්සේ නමකටයි. පසුව ඒ නාහිමිගේ ගෝල හිමි නමකට මම වැඩ හිටි විහාරස්ථානය දෙන්න වුනා. පස්සේ ගමේ ජනතාව මම ඇතුඵ කුඩා හිමිවරු එම ගමෙන් යනවාට කැමැති වුනේ නැ. පස්සේ එක මාමා කෙනෙක් කිවිවා මම ඔබ වහන්සේලාට මාගේ ඉඩමයි ගේයි පුජා කරනම් එකේ පන්සලක් හදා ගන්න කියලා. ඒ අනුව තමයි අපි මේ විහාරස්ථානය ආරම්භ කරන්නේ. ඊට පස්සේ ඒ මාමාට අයත් අක්කර දෙකක මඩ කුඹුරත් විකුණලා මට මුදල් දුන්නා ආවාස ගෙයක් හදන්න කියලා. ඒ මුදලින් මේ වනවිට ආවාස ගෙයි වැඩ ආරම්භ කරලා තියෙන්නේ . නමුත් තාම ඒකේ වැඩ ඉවර කරන්න බැරි වුනා. මුදල් මදිකම නිසා. තමන් සතු සියලුම දෙපළ විකුණලා මහා සංඝරත්නය වෙත පුජා කල උපසක මහත්තයා හරිම දුකෙන් ඉන්නේ අපිට ආවාස ගෙයක් නැතිවිම පිලිබදව. අපි දැනට පාවිච්චි කරන්නේ මෙි මාමාගේ මහ ගෙදර ඒක හදලා තියෙන්නේ 1945 විතර තමයි. වහින වේලාවට ඒක තෙමෙනවා. බිත්ති කඩා වැටෙන්න ලගයි දැන්. ඊට කලින් ආවාස ගෙය හදාගන්න තමයි ඒ මාගේත් මාගේත් එකම අරමුණ. ඒ මාමා කියනවා එතුමාගේ ඇගේ අවයව විකුණලා හරි මැරෙන්න කලින් ආවාස ගෙය හදනවා කියලා. මං ඒ වැඩේට නම් කොහෙත්ම ඉඩ දෙන්නේ නැ. මොකද ඒ උපසක මහත්තයාට මාපිය උරුමයෙන් ලැබුණ කෝටි ගාණක් විටිනා සියලු දේම අපිට පුජා කරලා ඒ මදිවට අපේ තාත්තා කෙනෙක් වාගේ අපේ සියලුම හිමිවරුන්ට උපස්ථාන කරනවා මදිවට ඇගේ අවයවත් විකුන්න මං ඉඩ දෙන්නේ නැ.

මං ලෝක වාසි රට වාසි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අපේ මම ඇතුඵ ස්වාමින් වහන්සේලා හත් නමක් මේ විහාරස්ථානයේ වැඩ වසනවා. ඒ අය සදා ඉන්න ආවාස ගෙයක් හදලා දෙන්න උදව් උපකාර කරන්න කියලා.” අද සමාජයේ ඉඩකම් , ගේ දෝර , සහ දේපළ සදා මිනිස්කම අමතක කරලා නොමිනිසුන් ලෙස මරා ගන්නා යුගයක තමන් සතු සියලු වස්තුව ගම්වැසියන් වෙනුවෙන් මහා සංඝරත්නයට පුජා කල සුනිල් ධර්මසේන උතුම් පරිත්‍යාග ශිලිභාවය පිලිබද සියලුම බෞද්ධ ජනතාවට කල උතුම් ආදර්ශයකි. එපමනක් නොව මහා සංඝයා වහන්සේලා වෙනුවෙන් සහ මා ඇතුඵ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට තම දිව තිබෙන තෙක් උපස්ථාන කිරිම පිළිබදව අප සියලු එම උපාසක මහතාට පිං දිය යුතුයි. ඒ වාගේ අපේ ආවාස ගෙය නිම කර ගැනිම සදහා අපට දායකවන ලෙස සයලු බෞද්ධ පින්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා. හිගුරක්ගොඩ—ප්‍රියා