Published On: Wed, Oct 2nd, 2019

අපි ඕවර් 10ක් යනකොට ගොඩක් අසරණ වෙලා හිටියෙ

Share This
Tags

අද මේ කියන්න යන්නේ අපේ ක්‍රිකට් ටීම් එක ගැන මේ වනවිට පකිස්තානු සංචාරයක නිරත වෙලා ඉන්න අපේ කොල්ලෝ ටික ඉන්නේ අවසර නැතුව ශුද්‍ර ජීවියෙකුටවත් ඇතුළු වෙන්න බැරි තරම ආරක්ෂකයෝ පිරි වරාගෙන එත් එක මැච් එකක් කෑවා එකක් වැස්සට නැවැත්තුවා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් සංචාරයට ඇතුළත් තෙවැනි මෙන්ම අවසන් එක්දින තරගය කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී අද (02දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට දිවා/රාත්‍රි තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතය. මේ වන විට තරග 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට සමත්ව ඇති පාකිස්තාන කණ්ඩායම මෙම තරගයද ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය තහවුරු කරගැනීමේ අභිප්‍රායෙන් පිටියට පිවිසෙද්දී තරගාවලිය කෙසේ හෝ 1-1ක් ලෙස සම කරගැනීමේ අරමුණ ඇතිව ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුතු නවක ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත. ඒ අනුව පාකිස්තානය අද තරගය ජයගැනීමට සමත් වුවහොත් දශකයකට පසු දෙරට අතර පාකිස්තානයේදී පැවැති එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමේ ඉතිහාසගත ගෞරවය සත්කාරකයන්ට හිමිවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේදී වැඩි යමක් සිදුකිරීමට අවශ්‍ය නම් තුන් ඉරියව්වෙන්ම සාර්ථක විය යුතුය. මන්ද පළමු තරගයේදී පන්දු යැවීම, පන්දු රැකීම හා පිතිකරණය යන අංශ ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දුර්වල මට්ටමක පසුවීම පරාජයට ප්‍රධානම හේතුව බවට පත්වූ අතර, ෂෙහාන් ජයසූරිය හා දසුන් ශානක පමණක් වාර්තාගත සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ගෞරවනීය ස්ථානයකට ඔසවා තබන්නට සමත් විය.

පන්දු යවන්නන්ගෙන්ද ඔවුන්ගේ රාජකාරිය හරිහැටි ඉටුනොවූ බව පෙනී යන්නේ පාකිස්තාන ඉනිමේ අවසන් පන්දුවාර 10ට ඔවුන් ලකුණු 89ක් ලබා ලකුණු පුවරුව 300න් ඔබ්බට රැගෙන යෑම නිසාවෙනි. කෙසේ වෙතත් දෙවැනි එක්දින තරගයේදී අත්විඳින්නට සිදු වූ ලකුණු 67ක පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ළහිරු තිරිමාන්න “ඇත්තටම පළමු පන්දුවාර 10 තුළ ලකුණු 28කට කඩුලු 5ක් දැවී ගිය අවස්ථාවක හොඳ ලකුණු ප්‍රමාණයක් කරා යන්න දැඩි උත්සාහයක් දරන්න ඕනා. ෂෙහාන් හා දසුන් එම කාර්යය අපට කරලා දුන්නා වගේම එක් අවස්ථාවක අපි ස්ථාවර මට්ටමක හිටියා. තණතීරුවෙ පන්දුව පහතින් යන තත්ත්වයක් පමණයි තිබුණේ. කණ්ඩායම වගකීම අරගෙන මීළඟ තරගයට සූදානම් වෙයි කියලා මම හිතනවා” යනුවෙන් පැවැසීය. එමෙන්ම ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ දුර්වල පිතිහරඹය පිළිබඳ තිරිමාන්න පැවැසුවේ මෙවැන්නකි. “ලකුණු 300ක් වගේ ලකුණු ප්‍රමාණයක් රැස් කරනවා නම් මුල් පිතිකරුවන් 4, 5 දෙනා අතරින් එක්කෙනෙක්ගෙන්වත් ලොකු ලකුණු සංඛ්‍යාවක් සටහන් වෙන්න ඕනා. නමුත් ඒක වුණේ නැහැ. අපිට හදාගන්නට ගොඩක් දේවල් තියෙනවා. පාකිස්තාන පන්දු යවන්නන් හොඳ තැන්වලව පන්දු යවමින් අපිට ලකුණු ලබාගන්න ඉඩ දුන්නෙ නැහැ. අපි බලන්න ඕනා ඊළඟ තරගයට යනකොට කොහොමද හොඳ පන්දු තෝරගෙන පහරදීලා ඉදිරියට යන්නෙ කියන එක” යනුවෙනි. මේ අතර ප්‍රබල පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පිළිබඳ සෑහීමට පත්වනවාද නැද්ද යන්න විමසූ විට අදහස් දැක්වූ තිරිමාන්න “නායකයෙක් විදියට මම සෑහීමට පත්වෙනවා. කොහොම වුණත් අපට තරග ජයග්‍රහණය කරන්න ඕනකම තියෙනවා. නමුත් ලකුණු 28කට කඩුලු 5ක් දැවී තිබියදීත් ලබාදුන්න ඒ තරගය අගය කරන්න ඕනා. මොකද අපි පන්දුවාර 10ක් යනකොට පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ ගොඩක් අසරණ වෙලා හිටියෙ. පළමු කඩුලු 5 දැවී ගිය ආකාරය ගැන කනස්සල්ලක් තිබුණත් කණ්ඩායම ගැන සෑහීමට පත්වෙනවා” යනුවෙන් සඳහන් කළේය  සඳරු පෙරේරා, කරච්චි නුවර සිට