Published On: Wed, Oct 2nd, 2019

වන අලි 7ක් අභිරහස් ලෙස එලොව යැවුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද…?

Share This
Tags

මීට දින කිහිපයකට කලින් හබරණ රක්ෂිතයේ වන අලි 7ත් දෙනෙක් අභිරහස් ලෙස මියගොස් සිටියා ඒ අතර ගැබ් ගත් ඇතින්නියන් කිහිපෙදෙක්ද සිටියා ලංකාවේ විතරක් නෙවෙයි මෙම සංවේදී සිදුවීම පිලිබඳ ලෝකෙම ඉන්නේ අවදානයෙන් හබරණ රක්ෂිතයේ පසුගියදා වන අලින් හත් දෙනෙකු අභිරහස් ලෙස මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කලා වැව ජාතික උද්‍යානයේ වන අලින් පන්නා දැමීම සහ වනජීවී නිලධාරීන් සමග ආරවුලක් ඇති කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම පිළිබඳව බරපතල සැකයක් මතුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 02 දින මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේය. පසුගිය මාසයේ පහළොස් වන දින සංවිධානාත්මක කණ්ඩායමක් කලාවැව රක්ෂිතයට ඇතුළු වී එහි වන අලින් අලි වෙඩි ගසා පන්නා වනජීවී නිලධාරීන්ට පහර දීමට උත්සහ කිරීම සහ එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුලූ කණ්ඩායමක් මෙම කලහකාරී සිද්ධියට නතු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. එම කණ්ඩායම සිදුකරන කලහකාරී තත්වය පිළිබඳව වීඩියෝ දර්ශන පෙළක් ද මාධ්ය වෙත ඉදිරිපත් කළේය. වන අලින් මේ ආකාරයෙන් ඝාතනය වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වන විට විෂයභාර ඇමතිවරුන් දෙදෙනා නොදැන අදාළ දේශපාලනඥයාගේ බලපෑම මත කලාවැව ජාතික උද්‍යානය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන බවය. එමෙන්ම වන අලින්ට එහි සැරිසැරීමට නොහැකි වන පරිදි එක වැරම කලාවැව ජලය පුරවා තිබෙන බවත් සංචාරකයන් පැමිණෙන විට එම සංචාරකයන්ට පහරදී පන්නා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මාධ්‍යවෙත ලබාදුන් වීඩියෝ කොටස් වල පිරිසක් ඉතා අසෝබන ලෙස සංචාරකයන් පන්නා දමන හා වන අලින් පලවා හරින යුදහමුදාවෙන් බව පවසා වනජීවී නිලධාරීන්ට තර්ජනය කරන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු එම ස්ථානයට පැමිණ පොලිසියට දුරකථන ඇමතුම් ලබාගන්නා රූපරාමු පවතී. එම සිද්ධීන් වාර්තා වී දින කිහිපයක් ගතවෙද්දී එකවරම එකතැන වන අලින් හත් දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් එහි එම සිද්ධියට මෙම කණ්ඩායම සම්බන්ධ දැයි බරපතල සැකයක් මතුවන බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය. කලාවැව රක්ෂිතය කාලයක් තිස්සේ වන අලින් ඉතා නිදහසේ හැසිරෙන බවත් පසුව ජාතික උද්‍යානයක් බවට පත්කිරීමෙන් පසු ව බොහෝ අනවසර ක්‍රියාකාරකම් වලට කලාවැව හා පිටිය නතුකර ගැනීමට නොහැකි වීම නිසා මෙම දේශපාලන අධිකාරිය විසින් කණ්ඩායමක් යොදවා මේ තත්ත්වය උදා කර තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා චෝදනා කළේය කෝටි දෙකක් පමණ ජනතාවක් ජීවත්වන රටක ඉතා සීමිත වන අලීන් ප්‍රමාණයක් ජීවත් වෙද්දී වැඩි වශයෙන් වන අලින් මියයාම තුළින් හානියක් සිදුවන බවත් රජය වහාම මෙම අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය. අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දිගින් දිගටම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මැදිහත්වී දැනුවත්කිරීම් විරෝධතා සන්දේශ භාර දී ආණ්ඩු දැනුවත් කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු නිසි වැඩපිළිවෙළක් සකසා නැති බවද හෙතෙම කියා සිටියේය. වනජීවී දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ පරීක්ෂණ වලට අමතරව වීධිමත් පරීක්ෂණ කණ්ඩායමක් යොදවා කලාවැවේ පසුගිය පහළොස් වන දා දේශපාලනඥයෙකු පැමිණ සිදු කළ සිද්ධිය සහ අලි හත් දෙනෙකු මිය යෑම සම්බන්ධතාවක් ඇත්දැයි සොයා බැලිය යුතුම කරුණක් බවද මාධ්ය හමුවේ දී නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය. දඹුල්ල කේ.කේ.ආරියදාස