Published On: Tue, Oct 1st, 2019

කාලි අම්මගේ ඇස් වසා ගාල්තැන්න දේවා­ලය කොල්ල කෑ හැටි

Share This
Tags

ලගම හිටපු කපුවට ගහලා රත්තරන් බදු ටික ගලවාගෙන යද්දී බලපු නැති දෙවියෝ අපි ගැන කොහොම බලයිද බන් කියලා කතාවක් මුහුණු පොතේ ශෙයා උනා බැලින්නම් ගාල්තැන්නේ හැපුවට ගහලා කිලෝ ගානක රත්තරන් පහර ගෙන බලන්නකෝ මේ හොරු ටික දෙවියන්ගේ ඇස් වහලා මේ ගේම ගහපු හැටි මහ­නු­වර ගාල්තැන්න ශ්‍රී භද්‍ර­කාලී අම්මාන් දේවා­ලය පව­ත්වා­ගෙන යනු ලබන්නේ ගාමිණි ආනන්ද නම් දේව­ගැ­ති­ව­රයා විසිනි. වසර ගණ­නා­වක් මුළුල්ලේ එම දේවා­ලය පව­ත්වා­ගෙන යන ඔහු දේවාල රාජ­කා­රි­යේදී පම­ණක් නොව ඉන් පිටත සිටි­න්නේද කිලෝ ගණ­නක රන් පැල­ඳ­ගෙ­නය. ගෙල සිට උද­රය දක්වා පපු ප්‍රදේ­ශ­යම වැසී යන ලෙස රන් මාල පල­ඳින ඔහු උර­හිසේ සිට මැණික් කටුව දක්වා දෙඅත් වැසෙන සේ පල­ඳින්නේ රන් වළ­ලුය. ඒ සියල්ල දෙවි­යන්ගේ පිහිට පැතී­මට පැමිණි ජන­තාව දෙවි­යන්ට පූජා කළ රන්ව­ලින් සැකසූ ඒවාය. රන් කිලෝ හත අටක් සහි­තව එලෙස ගමන් ගන්නා දේව­ගැ­ති­ව­රයා දකින කවු­රුත් ඔහු කවු­දැයි විම­ස­න්නට පෙල­ඹීම පුදු­ම­යක් නොවේ. විවිධ මාදි­ලියේ සුඛෝ­ප­භෝගි වාහ­න­ව­ලින් මහ­නු­වර නග­ර­යට යන එන ඔහු නොහ­ඳු­නන ප්‍රභූ­ව­ර­යෙකු මහ­නු­වර නැතැයි කීම සත්‍ය­යකි. රාජ්‍යය නාය­ක­යන් මෙන්ම රජයේ මෙන්ම පෞද්ග­ලික ව්‍යාපාර හිමි­ක­රු­වන් බොහෝ දෙනා ඔහුගේ සුමි­තු­රෝය. දෙවි­යන් ලවා වැඩක් කර­ගැ­නී­මට දේව­ගැ­ති­ව­රයා හමු වීමට යන එන පිරිස් ඔහුට කෙත­රම් ළෙන්ග­තුද කිව­හොත් එක්තරා කාල­යක ප්‍රභූ ආර­ක්ෂා­වද ඔහුට හිමි වී තිබිණි. දේවා­ල­යට පොලිස් ආර­ක්ෂාව යෙද­වී­මට පවා එම ළෙන්ග­තු­කම් ඉහළ ගොස් තිබූ අතර එම ආර­ක්ෂාව ඉවත් කරනු ලැබුවේ පොලි­ස්පති ධුර­යට ඉංග­ල­කෝන් මහතා පත් වීමෙන් පසු­වය.

මහා හාස්කම් ඇති ස්ථාන­යක් ලෙස ප්‍රකට ගාල්තැන්න ශ්‍රී භද්‍ර­කාලී අම්මාන් දේවා­ලය වෙත දහස් සංඛ්‍යාත පිරි­සක් නිති­පතා පැමි­ණෙති. අම්පි­ටිය රටේ­මුල්ල මාර්ගය ඔස්සේ ගොස් දේවා­ල­යට පහ­සු­වෙන් ළඟා වීමට පුළු­වන. සුව නොවන අස­නීප, දරු­ඵල නැති වීම, රැකියා ප්‍රශ්න, විභාග සමත් වීම, නැතිවූ භාණ්ඩ සොයා­ගැ­නීම ඇතුළු මෙකී නොකී බොහෝ කාර­ණා­ව­ලදී දෙවි­යන්ගේ පිහිට පත­න්නන් එම දේවා­ලය වෙත එන්නේ එම කාර­ණය ඉටුවේ යැයි යන විශ්වා­සය සම­ඟය. පොලී­සි­යට අල්ල­න්නට නොහැකි සොරුන් දෙවි­යන්ට කියා අල්ලා දීම­ටත් වෛද්‍ය­ව­රුන්ට සුව කිරී­මට නොහැකි ලෙඩුන් දේව අනු­හ­සින් සුව­පත් කිරී­ම­ටත් හැකි දේව බල­යක් ඇතැයි කියන දේව­ගැ­ති­ව­රයා එහි යන එන බොහෝ පිරි­ස­කගේ ප්‍රාර්ථනා ඉටු කර දෙන්නෙකු ලෙස ප්‍රක­ටය. මහල් තුන­කින් සම­න්විත ගොඩ­නැ­ගි­ල්ලක තුන් වන මහලේ දේවා­ලය පවත්වා ගෙන යන දේව­ගැ­ති­ව­රයා දෙවන මහල භාවිත කරන්නේ ඔහුගේ නිවස ලෙසය. දරු පවුල සමඟ ඔහු පදිං­චිව සිටින්නේ එහිය. බිම් මහල වාහන නැවැ­ත්වීම ඇතුළු වෙනත් කට­යුතු සඳහා භාවි­ත­යට ගැනෙයි. දේවා­ලය පිළි­බඳ එත­රම් කරුණු කීමට නිමිත්ත වූයේ පසු­ගිය 25 දින අලු­යම දේව­ගැ­ති­ව­ර­යාගේ නිව­සට පැමිණි කොල්ල කල්ලි­යක් දෙවි­යන්ගේ දෑස්ව­ල­ටද වැලි ගසා කිලෝ 12කට අධික රන් සමඟ ලක්ෂ 25ක පමණ මුදල් කොල්ලකා පලා යෑමය. මෑත කාලයේ මහ­නු­වර සිදුවූ ලොකුම කොල්ලය මෙය බව පව­සන පොලී­සිය මෙහිදී රැගෙන ගොස් තිබෙන රන් හා මුද­ල්වල වටි­නා­කම රුපි­යල් කෝටි 10 ඉක්ම­වන බවද පව­සයි.

එම සිදු වීමත් සමඟ වෙනදා ජන­තා­වගේ දුක අසා දෙවි­යන්ට කිය සහන සල­සන දේව ගැති­ව­ර­යාට තමන්ගේ ප්‍රශ්නය පොලී­සි­යට කීමට සිදු වූයේ සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම පිණි­සය. තලා­තු­ඔය පොලී­සිය වෙනත් සිදු­වී­ම­කදී නොද­ක්වන උන­න්දු­වක් දක්වා එම ස්ථාන­යට පැමි­ණී­මෙන් කොල්ලයේ බර­ප­ත­ළ­ක­මත් පොලී­සිය හා දේව­ගැ­ති­ව­රයා අතර පව­තින දැඩි මිත්‍ර­ත­ත්ව­යත් පෙන්වයි. කිසි­යම් හෝ සර­ණක් සොයා එම ස්ථාන­යට පැමි­ණෙන බොහෝ පිරිස් තම කාර්ය ඉටුවූ පසු භාරය ඔප්පු කරන්නේ රන්ව­ලිනි. ඒ නිසා දේව­ගැ­ති­ව­රයා නිර­න්ත­රව පැලඳ සිටින රන් අභ­ර­ණ­ව­ලට අම­ත­රව තවත් රන් හා මුදල් විශාල ප්‍රමා­ණ­යක් දේවා­ලයේ තිබෙන බව කොල්ල­ක­රු­වන් පම­ණක් නොව සාමාන්‍ය ජන­තාව පවා හොඳින් දැන සිටි­යහ. කොල්ලය සඳහා පැමිණි පිරිස එම ස්ථානය පිළි­බඳ මනා අව­බෝ­ධ­යක් ඇති ඉතා කණ්ඩා­ය­මක් බව පොලී­සිය හඳු­නා­ගෙන තිබුණේ ඉතා සුළු කාල­ය­කදී කොල්ලය සිදු කර, එම ස්ථාන­යේවූ සී.සී.ටී.වී කැමරා පද්ධ­ති­වල දත්ත ගබඩා වන කොටස්ද ගල­වා­ගෙන යෑමට තරම් ඔවුන් සූක්ෂම වී තිබීම හේතු­වෙනි සෑම දින­කට දේව­ගැ­ති­ව­රයා අලු­යම 3.00ට පමණ අවදි වී ස්නානය කොට දේවා­ලයේ පූජාව පව­ත්වයි. පූජාව සඳහා අවශ්‍ය පල­තුරු ආව­තේව කට­යුතු සඳහා සිටින කාන්තා­වක විසින් කපා වට්ටි­ය­කට දමා සූදා­නම් කිරීම සිදු වන්නේද එම වේලා­වෙ­දීය. සිද්ධිය වූ දිනද දේව­ගැ­ති­ව­රයා සුපු­රුදු පරිදි දේව පූජාව සඳහා සූදා­නම් වී තිබේ. නිවසේ සිට ඉහළ මාල­යට ගොස් දේවා­ලයේ දොර විවෘත කිරී­මට ගිය අව­ස්ථාවේ පල­තුරු කප­මින් සිටි කාන්තාව කෑග­සන ශබ්ද­යක් ඇසී දේව­ගැ­ති­ව­රයා ක්ෂණි­කව පැමිණ ඇත්තේ සිදු වූයේ කුමක්ද යන්න පිළි­බඳ කිසිම අව­බෝ­ධ­යක් නැති­වය.

ඒ පැමි­ණෙන අව­ස්ථාවේ මුහුණු වසා­ගත් පුද්ග­ල­යන් දෙදෙ­නෙකු එක්ව­රම දේව­ගැ­ති­ව­රයා අල්ලා ඔහුගේ දෙඅත් පසු­ප­සට තබා බැඳ මුණි­න්ත­ලාව දිගා කර ඔහුගේ කමිස සාක්කුවේ තිබූ යතුරු පැහැ­ර­ගෙන තිබේ. ඒත් සමඟ කොල්ල­යට පැමිණි අනෙක් පුද්ග­ල­යන් නිවසේ සිටි සෙසු අය­ගේද දෙඅත් බැඳ මුවට පාන්කඩ ඔබා තර්ජ­නය කර ඇත්තේ කෑගැ­සු­ව­හොත් මරා දමන බව කිය­මිනි. විනාඩි කිහි­ප­ය­කදී නිවසේ තිබූ රන් අබ­රණ, මැණික් හා මුදල් පොහොර උර­වල දමා­ගත් පිරිස පලා ගොස් තිබුණේ නිවස පිටු­පස කැලෑ­බද ප්‍රදේ­ශය ඔස්සේය. නිවස වටා ඇති උස් තාප්ප­යෙන් පැන ගැනී­මට කොල්ල­ක­රු­වන් භාවිත කළ කඹය හා එක් සැක­ක­රු­වෙකු පැලඳ සිටි තොප්පි­යක් හැරෙ­න්නට වෙනත් කිසි­වක් ඉතිරි නොක­ර­න්නට කොල්ල­ක­රු­වන් සමත් වී තිබිණි. කොල්ලය සඳහා පැමිණි පිරිස් නිවස හා දේවා­ලය ඇතුළු සියලු ස්ථාන සම්බ­න්ධව මනා අව­බෝ­ධ­ය­කින් පසුවූ පිරි­සක් බවත් එසේ නොව­න්නට රන් භාණ්ඩ හා මුදල් තැන්පත් කර තිබූ ස්ථානය සොයා ගැනීම පහ­සු­වෙන් කළ නොහැකි බවත් දේව­ගැ­ති­ව­රයා පොලී­සි­යට පැව­සීය. දේවා­ලයේ හා නිවසේ රාජ­කාරි සඳහා පස් දෙනෙක් සිටිති. දේව­ගැ­ති­ව­ර­යාගේ ලේකම් ලෙසත් රියැ­දුරු ලෙසත් වසර අට­කට ආසන්න කාල­යක් තිස්සේ කට­යුතු කරන්නේ අම්පි­ටිය ප්‍රදේ­ශයේ තරු­ණ­යෙකි. සිද්ධිය වූ දින රාත්‍රියේ ඔහු හැරෙ­න්නට සෙසු සියලු දෙනා නිවසේ සිට ඇත.කොල්ලය සැලවූ වහා දේව­ගැ­ති­ව­ර­යාගේ ලේක­ම්ව­ර­යාද එම ස්ථාන­යට පැමිණ පොලිස් පරී­ක්ෂණ සඳහා හැකි උප­රි­ම­යෙන් සහ­යෝ­ගය දක්වා තිබිණි. පරී­ක්ෂණ කළ පොලිස් නිල­ධා­රීන්ට ඒ පුද්ග­ලයා පිළි­බඳ යම් සැක­යක් මතු වුණත් ඒ පිළි­බඳ ප්‍රශ්න කිරී­මට හෝ උත්සාහ ගෙන නැත්තේ ඔහු දේව­ගැ­ති­ව­ර­යාගේ ඉතා සමී­ප­ත­ම­යෙකු වීම නිසාය.

දේව­ගැ­ති­ව­රයා පව­සන ආකා­ර­යට නිවසේ හා දේවා­ලයේ වැඩ­ක­ට­යුතු පිළි­බඳ දන්නා පුද්ග­ලයා කවුද යන්න කාටත් ප්‍රශ්න­යක් වී තිබිණි. ඒ මඟ නොගොස් වෙනත් මාර්ග­යක් ඔස්සේ කොල්ල­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සහ­කාර පොලිස් අධි­කාරී කමල් ආරි­ය­වංශ මහ­තාගේ උප­දෙස් මත පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක්ම යොදවා තිබිණි. පොලිස් ස්ථාන ගණ­නා­ව­කම ස්ථානා­ධි­පති ලෙස කට­යුතු කර අත්දැ­කීම් ඇති ඔහු සී.සී.ටී.වී දර්ශන මඟින් කොල්ල­ක­රු­වන් පිළි­බඳ හෝඩු­වා­වක් සොයා­ගත හැකි බව තරයේ විශ්වාස කර­මින් නිල­ධා­රීන් ඒ සඳහා උනන්දු කළේය. “දේවා­ලය ආස­න්නයේ තිබෙන කඩ­ය­කට අපේ පොලිස් නිල­ධා­රීන් ගොස් තිබෙ­නවා. මෙයට පෙර දැක පුරුදු නැති කිහිප දෙනෙකු ත්‍රිරෝද රථ­ය­කින් පැමිණ දේවා­ලය ආස­න්නයේ ගැවසී තිබෙන බවට වෙළෙඳ සල් හිමියා ලබා­දුන් තොර­තු­ර­කින් පසු එහි සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළා. එම­ඟින් අදාළ ත්‍රිරෝද රථයේ අංකය සොයා ගත්තා. මෝටර් රථ ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්තු­මේ­න්තු­වට කතා කර එම අංකය හිමි වාහ­නයේ හිමි­කරු සොයා­ගත්තා. ඒක කාන්තා­ව­කගේ නමට ලිය­ප­දිංචි කළ එකක්. ඇය කුණ්ඩ­සාලේ ප්‍රදේ­ශයේ පදිංචි තැනැ­ත්ති­යක්. බල­ගොල්ල පොලී­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වහා එම ස්ථාන­යට යවා එම කාන්තා­ව­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගත්තා. ඇය පවසා තිබුණේ කිරි­බ­ත්කු­ඹුර ප්‍රදේ­ශයේ පදිංචි තම ඥාති සහෝ­ද­ර­යෙ­කුට ත්‍රීවි­ල­රය ලබාදී තිබෙන බවයි.

ඒ අනුව තලා­තු­ඔය හා බල­ගොල්ල පොලී­සි­වල කණ්ඩා­යම් දෙකක් එම ස්ථාන­යට ගියා. කාන්තාව ලබා­දුන් තොර­තු­රට අනුව ඇගේ ඥාති සහෝ­ද­ර­යා­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී කොල්ලය සිදු වූ දිනට පෙර දින ඔහුගේ හිත­ව­තෙකු හදිසි අව­ශ්‍ය­තා­වක් බව කිය­මින් ත්‍රිරෝද රථය ඉල්ලා රැගෙන ගිය බව පැව­සුවා. එම පුද්ග­ලයා සොයා ගිය පොලී­සිය කිරි­බ­ත්කු­ඹුර ප්‍රදේ­ශ­යේදී ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කළා. එම ප්‍රශ්න කිරී­ම්ව­ලින් කොල්ලයේ සුල­මුල හෙළි කර­ගැ­නී­මට හැකි වුණා. කොල්ල­කන ලද රන් හා මුද­ල්ව­ලින් කොට­සක් ඔහුගේ නිවස පිටු­පස වළ දමා තිබි­යදී සොයා­ගැ­නී­මට පුළු­වන් වුණා. එම කොල්ලය මෙහෙ­යවා තිබෙන්නේ දේව­ගැ­ති­ව­ර­යාගේ ලේකම් ලෙස කට­යුතු කළ පුද්ග­ලයා බවට සැක­කරු ප්‍රකාශ කිරී­මත් සමඟ අපට ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වුණා. ඒ ඔස්සේ පරී­ක්ෂණ සිදු කර­මින් කොල්ල­යට සම්බන්ධ වූ තවත් පුද්ග­ල­යන් දෙදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගත්තා. යුද හමුදා විශේෂ බළ­කායේ හිටපු සෙබ­ළෙකු හා තවත් දෙදෙ­නෙකු ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් සිටින අතර ඔවුන් පිළි­බඳ තොර­තුරු මේ වන විට අනා­ව­ර­ණය කර­ගෙන තිබෙ­නවා. ඒ අයත් කඩි­න­මින් අත්අ­ඩං­ගු­වට ගන්නවා“ සහ­කාර පොලිස් අධි­කාරී කමල් ආරි­ය­වංශ මහතා පව­සයි.

ගම්පොළ, අම්පි­ටිය, හීරැ­ස්ස­ගල හා කිරි­බ­ත්කු­ඹුර යන ප්‍රදේ­ශ­වල පදිංචි සැක­ක­රු­වන් කොල්ල­යට පෙර දින දේවා­ලය අවට පරීක්ෂා කිරී­මට යොදා­ගෙන තිබේ. කොල්ලය සිදු කළ දින ඔවුන් වෙනත් වාහ­න­ය­කින් පැමිණ එය දේවා­ල­යට බොහෝ ඈතින් නතර කර කොල්ලය සිදු කිරී­මෙන් පසු ඒ දක්වා පයින් ගමන් ගෙන තිබෙන බව පොලිස් පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය විය. “කොල්ලය සිදු කිරී­මට පෙර දේව­ගැ­ති­ව­ර­යාගේ ලේක­ම්ව­රයා නිවසේ රත්ත­රන් තැන්පත් කර තිබෙන ස්ථාන වීඩියෝ කර කොල්ල­යට පැමිණි පුද්ග­ල­යන්ට පෙන්වා තිබෙ­නවා. ඒ අනුව තමයි ඒ පිරිස ඉතා සුළු කාල­යක් ඇතු­ළත කොල්ලය අව­සන් කරලා පලා­ගොස් තිබෙන්නේ. කොල්ල­කන ලද රත්ත­රන් තමන්ගේ මැදි­හත් වීමෙන් විකුණා දෙන බව පව­ස­මින් ලේක­ම්ව­රයා සිද්ධියේ උණු­සුම පහව යන­තෙක් ඒවා වළ දමා තැබීම සුදුසු බව යෝජනා කර තිබෙ­නවා. කොල්ල­කන ලද රත්ත­ර­න්ව­ලින් 90% ක් පම­ණම අපට සොයා­ගැ­නී­මට හැකි වුණා. මුද­ල්ව­ලින් ලක්ෂ හත­හ­මා­රක් සොයා ගත්තා. පලා­ගිය සැක­ක­රු­වන් සමඟ ඉතිරි රන් හා මුදල් කඩි­න­මින් අත්අ­ඩං­ගු­වට ගන්නවා“ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා තව­දු­ර­ටත් පැව­සීය. දේවා­ල­යට පැමි­ණෙන බොහෝ දෙනෙ­කුට දේව­ගැ­ති­ව­රයා ආරූ­ඩ­යෙන් තමන් පැමිණි කාර­ණය කියන බව එහි පිහිට පත­න්නට ගිය පිරිස් පව­සති. ඒ එන බොහෝ දෙනෙකු තමන් පැමිණි කාර­ණය ඉටුවූ පසු දෙවි­යන් පුදන්නේ රන්ව­ලිනි. එම ස්ථාන­යට පැමිණි සුවි­ශාල පිරි­ස­කගේ අපේක්ෂා ඉටු වූ බව දේව­ගැ­ති­ව­ර­යාගේ නිවසේ ඇති රන් හා මුද­ලුත් දේවාල බිමේ ඇති පන්ද­හ­සක් පමණ වන පිත්තල පහ­නුත් සාක්ෂි දරයි.

එහෙත් ප්‍රශ්න­යක් ඉතිරි වී තිබේ. ඒ දෙවි­ය­න්ගෙන් යමක් ඉටු කර­වා­ගැ­නී­මට පැමි­ණෙන පිරිස් පැමිණි කාර­ණය කල්තියා දැන ගන්නා දෙවි­යන්ට තම නිව­හනේ සිදු වූ කොල්ලය මෙහෙ­යවූ දේව­ගැ­ති­ව­ර­යාගේ ලේකම්ගේ සිති­විලි හඳු­නා­ගැ­නී­මට නොහැකි වූයේ ඇයිද යන කාර­ණ­යයි. එහෙත් ඒ කතාව තුළ දෙවි­යන්ගේ රැක­ව­ර­ණය සඳහා වන කොට­සක්ද ඉතිරි වී තිබේ. ඒ සිද්ධි­යෙන් පැය 12ක් යන්න­ටත් පෙර රන් හා මුදල් සමඟ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූයේ දේවි­යන්ගේ බලය නිසා යැයි කියන කොට­සය. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති එස්.එම් වික්‍ර­ම­සිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලි­ස්පති ඩී.එල්.ආර් රණ­වීර, සහ­කාර පොලිස් අධි­කාරි කමල් ආරි­ය­වංශ යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත තලා­තු­ඔය පොලී­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතා ඇතුළු කණ්ඩා­ය­මක් සිද්ධිය පිළි­බඳ පරී­ක්ෂණ පැවැ­ත්වීය.