Published On: Fri, Jun 12th, 2020

දළදා වහන්සේගේ හාස්කම් නිසා රටින් ගිය සුද්දා

Share This
Tags

මෙය වසර 90 කට පෙර එනම් 1921.05.12 වෙනිදා සිදුවූ අපූර්ව සිද්ධියකි. එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහි සිටි අාණ්ඩුකාරයා වූයේ චාමස් මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර ක්වීන්ස් හෝටලයේය. එදා වෙසක් පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව චාමස් උඩුමහලේ සිට දැක්කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්තිමත් ගෞරවයක් පැවතීම ගැන ආණ්ඩුකාරයාට ඉවසිය නොහැකිවිය.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක් සහ වෛරයක් ඇතිවිය. වහාම කම්මල්කරුවෙකු කිණිහිරක් සහ කුළුගෙඩියක් සොයාගෙන එන ලෙස ආණ්ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන එන ලෙස නියෝග කෙරිණි. ටික වේලාවකින් ආණ්ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය – කුළුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්ඩාර උයනේ එක්තැනක රඳවා මාලිගාවෙන් පිටතට ගත් දළදා වහන්සේ කිණිහිරිය මත තැබීමට අාණ්ඩුකාරයා නියම කෙරිණි.

සිදුවන්ට යන දෙය ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක් සපුරා සිටින මොරගොල්ලේ රං එතනාද ඒ පිරිස අතර වූහ. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කිණිහිරිය මත තබා කුළු ගෙඩියෙන් ගසා කුඩු කර දමන ලෙස ආණ්ඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජ නියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු දළදා හිමියන් කිණිහිරිය මැද තබා කුළු ගෙඩිය ඔසවා වැරෙන් පහරක් පහළට පාත් කළේය. නමුත් කුළු ගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එතැන නොවීය. “අනේ සාදු… අනේ සාදු…” කවුරුත් හඬ නගන්නට වූහ. ආණ්ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය.. ඉක්මනට හොයාපිය.

නැත්නම් තොටත් මරණය පරසුද්දා ගෝලු ගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතුන් වහන්සේ සෙවීය. කොතනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇත්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරියේ එවැනි කිසිදු ලකුණක් නොවීය. කෝ තොපේ බුද්ධා හොයාපියව්…. නැත්නම් තොපි ඔක්කොම මරනවා සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොරසූරන වැස්ස පටන් ගත්තේය. දොඹ ගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. වැස්ස නවතීවි යන බලා​පොරොත්තුවෙන් ටික වෙලාවක් සිටි නමුත් වැස්ස නැවතුණේම නැත. සුද්දා සහ ඔහුගේ සහචරයෝ තෙමි තෙමීම කුවින්ස් හෝටලයට දුව ගියහ. එසේ පටන්ගත් වැස්ස නැවතුණේම නැත. රැස්ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්ස නොනැවතීම වහින්නේය.

එදා දවස පමණක් නොව එදා රාත්‍රිය පමණක් නොව ඊළඟ දවසේ පමණක් නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මුළු මහනුවරම වැවක් මෙනි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඉදිකරන ලද නුවර වැව බැමි පුපුරා කඩාගෙන යන්නට ඔන්න මෙන්න කියා තිබිණි. ආණ්ඩුකාරයා කලබල විය. එහේ මෙහේ දුවන්නට විය. කරගත හැකි කිසිවක්ම නැත. වැව පුපුරා ගියොත් කුවින්ස් හෝටලයද ඉවර වේ. අාණ්ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය. දැන් දැන් මේ දැන් ගිහින් කියාපියව් අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බවෙන්න කියලා කියාපියව්. දුව පියව් ආණ්ඩුකාරයා අණ කළේය.

ටික වේලාවකින් වැස්සේ තෙමීගෙන අහළ පහළ බෞද්ධයෝ ටික දෙනෙක් පැමිණියහ. පරයි දැන් පලයව් දැන්ම පලයව් තොපේ බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්කොම මරල දානවා. දැන් පලයව්. ආණ්ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය. බෞද්ධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුම බණ්ඩාර උයනේ තණකොළ ගහක් නෑර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනෙකු ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේ වැඩ සිටි තැන බැලූහ. කිසිදු අරෝවක් අාපදාවක් නැතිව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්ෂ කළහ. අනේ සාදු සාදු ඔවුන්ට ඉබේටම කියවිණි.

සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක් තිස්සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා. අපට අනුකම්පාකොට සහනයක් ලබාදුන මැනවි. වරද කළේ සුද්දා වුණාට අපේ මිනිස්සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව්කොට පිටිපස්සෙන් පිටිපස්සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්සෝය. වැස්ස මුළුමනින්ම නැවතී තිබිණ. එක පොදක්වත් වැටෙන්නේ නැත.

එසැණින්ම ආණ්ඩුකාරයා වෙත ගොස් ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ. අණ්ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපා වී මාරු වී පිටරට ගියේය. ශ්‍රී දළදා හිමිපාණන්.. ඉස්සුවොත් හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිඳා බැස ඇත්තේ මේ සිද්ධිය මුල් කරගෙනය. අමාරුවෙන් තතන තනනා මේ පුවත හෙළි කළ රං එතනා මිත්තණියට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා…