Published On: Sat, Aug 17th, 2019

ලංකාවේ මේ වගේ වීරයෙක් හිටියා කියලා ඔබ දන්නවාද…?

Share This
Tags

මේ යාපනේ සිට ඉන්දියාවේ වෙරළට පිහිනා නැවත ආපසු යාපනයට පිහිනු අවු: 40දී සමුගත් නීතිවේදී කුමාර් ආනන්දන් (1944-1984). ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව වසර 35කි. කුමාර් ආනන්දන් නම මෙරට වැඩිහිටි පරපුරට කිසි දිනෙක අමතක නොවන නාමයකි. ලංකාව ගිනස් පොතට එක් කල පළමු ශ්‍රී ලංකිකයා ඔහුය.

1944දී යාපනයේ වැල්වැටිතුරේ උපන් විවේකානන්දන් සෙල්වකුමාර් ආනන්දන් පියා වාරිමාර්ග ඉංජිනේරු විවේකානන්දන්ය. මව රාජම් ය.දරුවන් දෙදෙනකු සිටි පවුලේ වැඩිමලා වූ කුමාර් සිය පළමු ගිනස් වාර්තාව සණිටුහන් කලේ ලාබාල 18 හැවිරිදි වියේදී, එනම් 1962දී. ඒ, පෝක් සමුද්‍ර සන්ධිය හරහා නොනවත්වා ඉන්දියා වට පීනා වාර්තාවක් පිහිටුවීමෙනි. ඇත්තම ඔහු එය කලේ එකල පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පිහිනා වාර්තාවක් කලින් පිහිටුවා තිබුණ නවරත්න ස්වාමි සිහිවීම පිණිසයි.

ඔහු සිය ගිනස් වාර්තාව තමාම බිඳ හෙළුවේ නැව තත් 1971 දි පෝක් සමුද්‍ර සන්ධිය හරහා එකදිගට ඉන්දියාවට පිහිනා නැවත ලංකාවට පිහිනමිනි. එවකට ඔහු 27 හැවිරිදියි. පේදුරුතුඩුව හර්ට් විද්‍යාලයෙත් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේත් කුමාර් ඉගෙන ගත්ත. පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් LLB නීති උපාධිය ලබා නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නත් කුමාර්ට දිගටම ගිනස් වාර්තා තැබීමේ පුදුමාකාර පිපාසය නම් නැති නොවුනි.

ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ උපාධි යක් ලබා ගනිමින් සාර්ථක අධ්‍යාපන දිවියක් නිමා කිරීමෙන් පසුව ගිනස් වාර්තා තැබීමට මුළු දිවියම කැප කළේය. පුදුම චරිතයක්! ඔහුගේ දෙවන ගිනස් ලෝක වාර්තාව වූයේ පැය 61ක් ජලයේ පිහිනීමය. එනම් දවස් 2-1/2කට වැඩියි! වතුරේ සිටිමින් නොනිදා එය කල හැක්කේ කාටද? නමුත් එම අභියෝගාත්මක ගිනස් වාර්තාව පිහිටු වූයේ 1975දී කොළඹ රාජකීය විද්‍යාල තටාකයේදීයි. එවකට ඔහු 31ක් හැවිරිදියි.මේ ඔහුගේ දෙවන ගිනස් වාර්තාවයි.

ඔහුගේ තෙවන ලෝක වාර්තාව වූයේ තනි කකුලෙන් පැය 12යි විනාඩි 47ක් එක දිගට සිටගෙන පිහිට වූ ලෝක වාර්තාවය! කුමාර් එකදිගට පැය 128ක් නර්තනයේ යෙදෙමින් එවකට තිබු ගිනස් වාර්තාව බිඳ හෙළුවේ 1979 ජන 1වැනිදා, තමන් 35 හැවිරිදි වියේදී. ගෝල්ෆේස් ශ්‍රින් හෝටලයේ පැවති මේ දඟර නැටුම් රංගනය ආරංචි වූ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පුද්ගලිකවම පැමිණ බොහෝ වෙලාවක් මේ නර්තනයේ යෙදෙන මරණයන් පමණක් නවතාලිය හැකි අප්‍රතිහත ධෛර්ය සහිත යෞවනයා දෙස බලා සිටියේ තෘෂ්නිම්භූතව. එවකට ගෝල්ෆේස් හෝටලයේ සභාපති සිරිල් ගාඩිනර් ඔහුට එවකට විශාල ගණනක් වූ රුපි 10000ක ත්‍යාගයක් පිරිනමා ඇත.

මෙන්න වෙනස! ඔහු ඒ මුදල් එවලේම නැඟෙනහිර පළාතේ ගංවතු රින් සුළි සුළඟින් අනාථ වූ පුද්ගලයන්ට පරිත්‍යාග කර න්නැයි ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ අතටම එම මුදල් පත් කළේය! කුමාර් ආනන්දන් වයස 40 වන විට එංගලන්තය හා ප්‍රංශය අතර පිහිටි ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනුම් වාර්තාව ඉලක්ක කළේය. එ ඔහුගේ ජීවිතය හානි කරන බව නොදැනය. ඔහු දැඩි ශීත ජලයේ අතිශය අභියෝගාත්මක ඉල ක්කය සපුරා ගැනීමට කල උත්සාහය පමණක් නොව මහ මුහුද මැද දී අවාසනාවන්ත ලෙස අනතුරට පත්ව ජීවිතයට සමු දුන්නේ පාදයක ආබාධයක් නිසාවෙන්, 1984 දී.

මේ පුදුම මිනිසා මරණයට කිසිම බියක් දැක්වූ අයෙ කු නොවීම පුදුම සහගතයි. වරක් බරපතළ රිය අනතුර කට මුහුණ දී මාස හයක් රෝහලේ සිට ඔහුට තවත් මාස හයක් කිහිලිකරුවක සිටීමට සිදුවිය. එහෙත් ඉන් පසුව පවා ඔහු වේගවත් මෝටර් යතුරුපැදි පැදවීම සිදු කෙළේය. කෙතරම් රූමත් දෙමළ තරුණියන් සිටියද කුමාරගේ හිත සොරා ගත් මාතර උපන් සිංහල තරුණියක් වූ මානෙල් සමරවීර තමයි ඔහුගේ ආදරණීය බිරිඳ වුනේ. එවකට දරුණු ජාතිබේධ ඔවුන් දෙදෙනාම තුට්ටුවකට මායිම් කොට නැත. ඔවුන්ට රාජන් ආන න්දන් හා රාජේශ් ආනන්දන් නම් පුතුන් දෙදෙනෙකි.

මේ රාජේශ් ආනන්දන් අපි නොදන්නවා වුනාට අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අතිශය දැවැන්ත යෙක්. ඔහු තමයි වර්තමානයේ දැවැන්ත google සමාගමේ ඉන්දියාවේ හා දකුණු ආසියාවේ උප සභාපති. (අපි ඔවුන් සොයා හැකි තොරතුරක් සොයාගත යුතුයි. බොහෝ විට ඔවුන් විදෙස් ගතව ඇති) අපේ රට 1999 දි කුමාර් ආනන්දන් තැපැල් මුද්දරය කින් ආනන්දනීය කරන්නට යෙදිනි. බොහෝ දෙනා එ දින කඳුළු පිරි දෙනෙතින් මේ අසහාය ලක් පුතනුවන් ගැන කතා කරනු පෙනුන ඔහු පිහිටවූ වාර්තා අතරින් කැපී පෙනෙන වාර්තා.

1971- ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සහ ආපසු පැය 51 කින් පෝක් සමුද්‍ර සන්ධිය පිහිනීම. 1977 – කොළඹ රාජකීය විදුහල් පිහිනුම් තටාකයේ අඩි 8×8 කොටුවක එකදිගට පැය 61ක් රැඳී සිටීම 1978 – දෙසැම්බරයේ පැය 128 ක් සඳහා ට්විස්ට් නැටුම. 1979 – මැයි මාසයේදී සැතපුම් 1487 ක දුරක් පැය 187 ක් නොනවතින පාපැදි පැදීම. 1979 – මැයි මාසයේදී එක් පාදයකින් පැය 33 ක් හිටගෙන සිටිම. 1979 – දෙසැම්බරයේ පැය 136 ක් බෝල විදීම 1980 – මැයි මාසයේදි මිනිත්තු දෙකකින් 165 වාරයක්වාඩි වීම නැගිටීම – 1980 – දෙසැම්බරයේදි හයි කික්ස් – 9100 වතාවක් 1981 – අගෝස්තු මාසයේදී සැතපුම් 296 ක දුරක් පැය 159 ක් නොනවත්වා ඇවිදීම. 1981 – අගෝස්තු මාසයේදී මදුරාසියේ ඇනා පිහිනුම් තටාකයේ දී පැය 80 ක් ජලයේ කිමිදීම.