Published On: Fri, Jun 12th, 2020

වසර 6000ට පෙර යුරෝපයට ගිය හෙළයන්

Share This
Tags

හිරන් කසුබ් රජු (මොවුන් රජුන් නොව ප්‍රධානීන්ය) ගෙන් පසු කව්රු නායකත්වයට පත්වූයේ දැයි කීමට නොහැක. සංඛ්‍යාතය (ගණිතය) පිළිබඳ විශාරද වූ නිසා නහුත ශහකිත ලෙස හැඳින් වූ නහුත රජු හිරන් කසුබ්ට පෙර විසුවේද නැතිනම් පසුවදැයි කිව නොහැක. නහුත ශහකිත කකුසඳ බුදුන් කල විසූ බවට නම් මහාවංශයක් රන්ගිරිමඩ සෙල් ලිපියත් (10959) එකතු කරගත් විට ඔප්පු වේ. මිහිඳු මාහිමියන් දෙවනපෑතිස් රජුට විස්තරකර දෙන ආකාරයට ලංකාවට කකුසඳ, කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන මෙම මහාභද්‍ර කල්පයේ පහළ වූ බුදුවරුන් සතරදෙනාම වැඩම කර ඇත.

කකුසඳ බුදුන්ගේ කාලයේදී මෙරට අගනුවර අබය නගරයයි. රන්ගිරිමඩ සෙල්ලිපිය අනුව (ඉබ්බාගමුව සිට පොල්පිතිගම දක්වා මාර්ගය අසල) නහුත ශහකිත අබය නගරයේ විය. ඔහුගේ ගල්ලෙන පසු කලෙක සංඝයාට පූජා කර ඇත. ‘බත නහුත ශහකිත රක්ඛ අබස නගරිය නශගශ’’ නමැති ලිපිය ලංකාවට බුදු සසුන ආ ක්‍රි.පූ. 236න් පසුව ‘‘ශගශ’’ කොටස එකතු වී ඇත. ඉතිරි කොටස නහුත රජුගේ කාලයේදීම වන්නට ඇත. ‘‘රජ අබයනගරියත’’ යනුයෙන් කෙටිවුන නිසා මෙය අවුල් සහගතය. රාජ සංකල්පය මෙරට ගෙන ආවේ විජය ප්‍රමුඛ උතුරු ඉන්දියානු සංක්‍රමණිකයන්ය. නහුත ශහකිත යුගයේ රාජ්‍ය සංකල්පයක් වුවද යන්න සැක සහිතය. රන්ගිරිමඩ සෙල්ලිපිය පුරාවිද්‍යාඥයන් විසින් විකෘති කෙරී ඇත.

මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් සංස්කරණය කළ ‘‘ලංකා ශිලාලිපි සංග්‍රහය I වෙළුමද එසේ දක්වන නිසා මහාචාර්යවරයාට එම වගකීම පැවරේ. ණහත යන නම යටපත් කරලීම සඳහා ‘‘බතඋපතිශහ xxxx අභය නගරියන ශගශ’’ ලෙස එය කියවා ඇත. ‘‘රක්ඛහ’’ යන අකුරු නැතියේ xxx ලෙස දක්වා ඇත. නමුත් සෙල්ලිපිය ඉදිරියට ගිය විට සියලු අකුරු කියවා බැලිය හැක.නහුත නම යටපත් කිරීම ඉතා අපහසුය. පැරකුම්බා සිරිතේ 9 වැනි කවිය මෙසේය’’ අතුරු කප පෙර උපන් බඹපුත් විවස්වත් මනු එරජකුලෙන් පත ඔකාවස් පුතු බාහු මන්දතු පසේනදි සුදසුන් බගී රත – නහුත සංකිතරඟදිලීපති සංකු නල නාබා දසාරත රාම ලස්මන කුසලවාදී පසිඳු සක්විති රජුන්ගෙන් යුත…’’ ඒ හැරුණු විට ජනවහරේද අදත් ‘‘නහුත’ භාවිතාවේ ඇත.’’ වාහනේ නහුතෙට පාඟලා යන්නේ මිනිහා වැඩි දුරක් යන්නේ නැහැ.

මිනිහට නහුතෙට නැගලා යන්නට ගියා….’’ ආදී ලෙස නහුත නාමය භාවිතා වේ. ඉතා අධික යනු එහි අර්ථ යයි. එකත් බිංදු 27 යොදා ලියන සංඛ්‍යාව දක්වා වැඩි කිරීම සොයා ගත්තේ නහුත රජුය. 1 සහ බිංදු 27 සංඛ්‍යාව නහුතය නම් වේ. මේ දක්වා වැඩිකරමින් යාමට අද පවා අපහසුය. ට්‍රිලියන ලියන්නේ 1 සහ බිංදු 12කි. ඒ මුදල් සම්බන්ධයෙනි. දුර සම්බන්ධව තත්පරයට සැතපුම් 1,86,000 වන ආලෝකයේ වේගය මිනිත්තුව පැය දවස හා වර්ෂය දක්වා වැඩිකර ආලෝක වර්ෂවලින් ග්‍රහ තාරකාවන්ට ඇති දුර ගණන් බලනු ලැබේ.

මෙසේ සෙල්ලිපිය, පැරකුම්බා සිරිතේ කවිය, ජන වහර හා නහුතය යන සංඛ්‍යාව යන සාක්ෂි 4 ඇසුරින් නහුත රජුගේ ඓතිහාසිකත්වය තහවුරු වේ. එක් බුදු වරයෙකුගේ ශාසනය අවුරුදු 5000 ක් කල් පවතින බව මහාවංශය පවසයි. ගෞතම බුදුන්ගේ ශාසනයට දැන් වසර 2500ක් ගෙවී ඇත. කාශ්‍යප, කෝනාගම හා කකුසඳ බුදුවරුන්ටද ඔවුන් ගේ ශාසනය අවුරුදු 5000 ක් ලෙස (විභේදාත්මකව) ගැණ බැලුවොත් 15,000 කි. ගෞතම බුදුන්ගේ ශාසනයේ අවුරුදු 2500ද ඊට එකතු කළ විට නම් නහුත රජු ඉබ්බාගමුව අසල අබය නගරයේ රජකම් කළේ වසර 17,500 ට ඉහතදීය.

එනම් හිරන් කසුබ්ට වසර 5000 ක් පමණ ඉහතදීය. මෙසේ ගණනය අවුල් වන්නේ ඇත්තාවූ සාක්ෂි සියල්ල කාලය ගණනය කළ නොහැකි ලෙස ඉදිරිපත් වී ඇති නිසාය.ඍග්වේදය ලියුවේ පන්ජාබයට සංක්‍රමණය වූ ආර්යය ගෝත්‍ර 5ක අය බව මැක්ස්මුලර් විසින් ප්‍රකාශ කළ නිසා එය දැන් ඉන්දියානු ඉතිහාසයට එක් වී ඇත. යඳු, පුරු, අනු යදු, තුර්වාස ගෝත්‍ර 5ක් බව එම ඉතිහාසය උගන්වයි. භගවත පුරාණය එක් ‘‘බ්‍රාහ්මණ’’ ග්‍රන්ථයකද සඳහන් පරිදි මේ. ‘‘පංචමානවයන්’’ නොහොත් පුද්ගලයන් 5 දෙනෙකි. තවදුරටත් පැහැදිලි වන අයුරු මෙම පස්දෙනා නහුත රජුගේ මුනුපුරන් නොහොත් ඔහුගේ දූවරුන් දෙදෙනාගේ පුතුන් 5 දෙනෙකි. ගව පට්ටි දක්කාගෙන තැනින් තැන ගිය එඬේරුනට හදිසියේ ඍග්වේදයේ අඩංගු ගැඹුරු දර්ශනයන් පහළ විය නොහැක.

යටත් විජිත ඉංග්‍රීසි සිවිල් සේවක ඉතිහාසඥයාට වැරදි ඇත. එම වැරදි සෙවීම බලවත් වරදක් සේ සලකන අපගේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් සිටීම මෙරටට සාපයකි. ඉන්දියානු ඉතිහාසයට අනුව නම් ඍග්වේදය ලියැවී තවම අවුරුදු 4500ට වඩා නැත. නමුත් පංචමානවයන් ඊට වඩා බොහෝ පැරණිය. හරප්පා ශිෂ්ටාචාරයේ ඇති අක්ෂර මහාචාර්ය පරණවිතාන කියවූ නමුදු ඉංග්‍රීසි හා ජර්මන් ඉතිහාසඥයෝ එය පිළිගැනීම නොකළහ.ඔවුනට නොහැකි දේ ඔවුන්ගෙන් පුරාවිද්‍යාව උගත් ලංකාවේ ආසියාතිකයකු කරනු දැකීමට සුදු මිනිසුන් අකමැතිය.හිරන් කසුබ් (මහ කසුබ්) ගෙන් පසු ප්‍රාලද රාජ්‍යත්වයට පත්වීමක් ගැන තොරතුරු ඇත. මේ කසුබ්ගේ පුත්‍රයා බව ඇතැම් අය සිතතුදු එසේ නොවීමටද පුළුවන. හිරන් කසුබ් මෙන් විෂ්ණු විරෝධියෙකු නොවන ප්‍රලද විෂ්ණු බැතිමතෙකි. එබැවින් පර+ලැදි යන්න සංස්කෘතවලින් ප්‍රාලද වී ඇත. ප්‍රාලද කාලිංගය නොහෙත් ඔරිස්සාව ජනාවාස කලැයි සිතිය හැක.

අදත් ඔරිස්සාවේ කෝවිල්වල වාර්ෂික දේව මංගල්‍යයන්හිදී ‘‘ප්‍රලද නාටකම්’’ නමැති නාට්‍යය රඟදක්වනු ලැබේ. එහි ඉදිරිපත් වෙන්නේ ප්‍රලද, ඔරිස්සාහි ජනවාසයක් දියුණු කිරීම ගැන උපහාර දැක්වීමය. ප්‍රලද නායකත්වයට පත් වූයේ හිරන් කසුබ්ගේ මරණයෙන් කෙටි කාලයකට අනතුරුව බව බ්‍රැඟු මහර්ෂි විසින් ‘‘දේව අධ්‍යාපනය’’ ඇරඹීමෙන් පැහැදිලි වේ.විෂ්ණු මෙහිත් ඇත්දැයි විමසමින් ටැඹකට පයින් ගැසීම රජ කෙනෙකුට තරම් නොවේ. එය බොළඳ ක්‍රියාවකි. නරසිංහ අවතාරයෙන් ආ විෂ්ණු කසුබ් රජුව මරන්නේ එවිටය. ඉන් කම්පාවට පත් බ්‍රැගු මහර්ෂි විසින් පාලකයෙකු තනනු ලබන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළේය. ඒ ‘‘දේව අධ්‍යාපනයයි’’

ප්‍රලෑ ගේ සොහොයුරිය වූ ඌෂණ සමඟ විවාහ වී සිටි බ්‍රැගු මහර්ෂි විසුවේ ඉන්දියාවේ බටහිර වෙරළේ බෘගු තච්ච (දැන් බ්‍රෝච්) වරායේ ය. විවාහය යනු ඍෂිවරයෙකුගෙන් උත්තම දරුවකු ලැබීමය රජවරු තම දූ කුමරියක් හෝ අඟ බිසව සෘෂිවරයෙකු හෝ මුනිවරයකු වෙත යවන්නේ ඒ දෙදෙනා එකතු වී උත්තම දරුවකු ලැබීමටය. මේ දරුවන් තුළ ‘‘ශක්ති’’ උපරිම ලෙස පිහිටා ඇත. සාමාන්‍ය මිනිසෙකුට වඩා උසින් හා වැඩි කාය ශක්තියෙන්ද, අධි මානසික ගුණවලින්ද, අභිමානයෙන්ද ඥාණයෙන්ද යනාදී ගුණවලින් එම දරුවන් යුක්තය. ප්‍රලද සොයුරි ඌෂණ ශක්‍ර කෙනෙකුගේ දියණි දේවයානි නොහොත් මන්දාක, රාවණ​ෙග් මව වන කෛසී මෙසේ ඍෂිවරුන් වෙතින් දරුවන් ලැබූ අයය.බටහිර මානව විද්‍යාඥයන් විසින් මෑතකදී සොයා ගැණුනු වැදගත් කරුණක් වන්නේ සමාජය අඩි 5-6 උස මිනිසුන්ගෙන් යුක්ත වද්දී ඔවුන් අතර අඩි 10-12 උස පුද්ගලයන් සිටි බවය.

බුදුන් 18 රියනක් උස බව කියන්නේ අඟල් 8ක වියතක් රියන ලෙස සලකා (18’’x8- 144’’ = 12’) අඩි 12 ක උසින් යුතු වීම වියහැකි බව (අසාමාන්‍ය උත්තම දරුවෙකු නිසා) සලකයි. පොලොන්නරුවේ ඇති පුලස්ති රූපයද අඩි 11 ක් උසය. මේ පුලස්ති ඍෂි ජීවමාන ලෙස දැක්වීමක් ලෙස පිළිගැනීමට ඇමෙරිකන් මානව විද්‍යාඥයෝ නො පැකිලෙති. ඊජිප්තු හා ෆිනිෂියන් හා බැබිලෝනියන් වියලි මැටි පුවරුවරු වල අදින ලඳ චිත්‍රවලද බර උසුලන වහළුන් හා උන්ගෙන් වැඩ ගන්නා හිඳගෙන සිටින අඩි 10ට වඩා උස අයගේ චිත්‍ර ඇත. විශ්‍රවස් මුනිගෙන් කෛසි දේවිය ලද කුඹුක්කන් කුමරු දැවැන්ත යෝධයෙකු නිසා රාමායන ඔහු ගැන අතිශයෝක්ති වර්ණනා කරන්නේ කන්දක් වැනි බත් ගොඩක් හා එළුවන් හරකුන් ගණනක්ම අනුභව කර හය මාසයක් නිදාගන්නා බව කියමිනි. රාවණගේ කඩුවද අඩි 6ක් දිග බව රාමායනය පවසයි.

ඌෂණ කුමරිය බ්‍රැගු මහර්ෂි වෙතින් ලැබූ දරුවා වීරචන්න නොහොත් වීරචනය. එම දරුවා ප්‍රඥවන්තයකු හා හොඳ පාලකයෙකු කිරිමටත් හිරන් කසුබ් ටැඹයට පයින් ගැසීම වැනි අනුවන ලෙස ක්‍රියා කරන රජුන් ඉදිරියට නැතිවීමටත් බෘගු මහර්ෂි විසින් ‘‘දේව අධ්‍යාපනය’’ නමැති උපාධි පාඨමාලාවක් ඇති කරන ලදි. එහි විෂයයන් 11 විය. යෝග,මන්ත්‍ර, ඖෂධ, පාලන නීති, යුද ශිල්ප, භාවනා, අහස් සතර, ශාන්ති කර්ම, මෝහණ අවි නිපයුම, පූජා මෙම විෂයන්ය. මෙම ශිල්ප ප්‍රගුණ කළ පසු ඔහු දේවයෙකු වේ. යක්, රකුස්, හා ඕනෑම අයෙකුට දේව අධ්‍යාපනය ලැබ දේවයෙකු විය හැක.

ආචාර්ය සූරිය ගුණසේකර මෙම දේවයන් විවිධ මට්ටම්වල වූ බව ලංකාවේ පැරණි සෙල්ලිපිවලින් අවබෝධ වේ. ගපති යනු කුඩා කණ්ඩායමක නායකයාය. ගමණි ඊට වඩා විශාල වූ එනම් ගමක ප්‍රධානියෝය. පරුමක (ප්‍රමුඛ) යන ප්‍රදේශයක ප්‍රධානියාය. රජු යන රටක (විශාල ප්‍රදේශයක) නායකයාය. මහරජු යනු මුළු ලංකාවේම රජුය. මහරජු යන නාමය නහුත, රාවණ, පනිත, ගාමිණි අබය (දුටුගැමුණු) ගමනිතිස (සධාතිස්ස) යන රජුනට යෙදී ඇති ආකාරය සෙල්ලිපි පෙන්වයි. දේවයන් යනු හෙළ අසුර අධිරාජ්‍යයේ පාලක පන්තිය ලෙස බටහිර ඉතිහාසඥයන්. පුරාවිද්‍යාඥයන් හා මානව විද්‍යාඥයන් විසින් සලකති. මෙනිසා ආරම්භයේදී මිනිසුන් විසින් (මහා සම්මතයෙන් නොහොත් ඡන්දයෙන්) කළ ​තෝරා ගනු ලැබීම අහෝසි වී දැන් සුදුසුකම මත තේරෙන්නට විය. එමෙන්ම රාවණ වැනි මහා අධිරාජයින් පවා පරුමක තත්වයෙන් අධිරාජතත්වයට ආ සැටි සෙල්ලිපිවල ඔහුගේ නම භාවිත වූ ආකාරයෙන් පෙනේ. ගාමිණි අබයද ගාමිණි තත්වයෙන් මහරජු තත්වයට ඉහළට ආවේය.

මෙම හේතු නිසා ප්‍රාලද රජුගෙන් පසු දේව අධ්‍යාපනය ලබා තිබීම රජකම සඳහා සුදුසුකම විය. රජකම පරම්පරාවට ගියේ මේ සුදුසුකම නිසාය. දේව අධ්‍යාපනයෙන් උද්දාමයට පත් බෘගු මහර්ෂිට දාව ඌෂණ කුමරිය (ප්‍රාලදගේ සොහොයුරියට) ලත් වීරචන්න (වීරචන) කුමරු අනුන් ඉදිකළ හෙළදිව හෝ ඔරිස්සාත් රාජ්‍යත්වය භාර නොගෙන තමා විසින්ම රාජ්‍යයක් බිහි කරනු ලැබීම ලොව අනිත් කෙළවරට එනම් දකුණු අමෙරිකාවේ අන්දිස් කඳුවැටිය මුදුනට ගමන් කළේය. අහස් සතර (ජ්‍යොතිෂ්‍ය) උගත් නිසා ලෝක ගෝලය මැදින් ලංකාවේ සිට ඍජුව ගෝලයේ අනිත් පස පිහිටි ප්‍රදේශය තෝරා ගති. පාද+තලය+ යට නොහොත් ‘‘පාතාල රාජ්‍යය’’ ලෙස මෙම අලුත් රට නම් කෙරිණ. ලොව උසම විල වන ‘‘ටිටිකාකා’’ විල අසල මෙය දැන් ‘‘යිවනකු’’ ප්‍ර​ෙද්ශය ලෙස හැඳින්වේ.ලංකාවේ සිට ඇන්ඩිස් කඳු මුදුනට මුහුදෙන් හෝ ගොඩින් යාමක් ගැන එකල සිතිය නොහැක. එබැවින් ගුවනින් යන්නට ඇතැයි සිතිය හැක.’’ නැස්කා ලයින්ස්’’ යනුවෙන් හඳුන්වන පොළව මත ඇද ඇති දැවැන්ත රේඛා චිත්‍රයන් ඇත්තේද මීට මඳක් දුරිනි. මේ ඉරි අභ්‍යවකාශයේ සිට ආ ගුවන් යානා වලට ගොඩ බැසීමට බිම ධාවන පථ තෝරා දෙන්නට ඇතැයි ඒවා අධ්‍යයනය කළ අය අනුමාන කරති. කුරුල්ලෙකුගේ හා වඳුරෙකුගේ චිත්‍රවලට සමානව ඇදි රේඛා පද්ධති දෙකක්ද ඇත.

මෙම රේඛා පටි ඉහළ ගුවනට මිස පොළොව මතු පිටදී දැකිය නොහැක. මාතලේ ‘‘රිවන් ටර්න්’’ (rivers-turn) මෙබදු ගුවන් යානා ගොඩබැසි හා ආපසු පිටත්ව ගිය ස්ථානයක් බව ඉංග්‍රිසි උගතුන් අනුමාන කළ නිසා ඊට ‘‘රිවර්ස් ටර්න්’’ යයි කීහ.අක්කර 20ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ගල්කනු සහිත වීරචන දේවාලයේ නටබුන් අදත් දැකිය හැක. කළුගල් නිර්මාණයක් වීම නිසා මේවා ශේෂ වී ඇත වීරචන කුමරුගේ උඩුකය දක්වන ශෛලමය පිළිමයක් අදත් දක්නට පුළුවන. (අන්තර්ජාලය) ලතින් ඇමෙරිකානුවන් වීරචනව හඳුන්වන්නේ ‘‘වීරතෝච’’ යන නමිනි. රාවණාට ගුවන් යානයක් තිබීම, වසර 6000ට පෙර බැබිලෝනියාවට හෙළයින් ගුවනින් යාම යන සාක්ෂි දෙක නිසා වීරචනද ගුවනින් පාතාල දේශයට ගිය බව අනුමාන කළ හැක්කේ හේතු සහිතවය. අංශක ගණනින් මැනිම්, දුර ප්‍රමාණය ගණනය හා සැතපුම් දස දහස් ගණන් ගුවනින් යෑම යන කරුණුවලට වීරචන හොඳ සාක්ෂියකි.දේව අධ්‍යාපනය නිසා ලෝකය ගැන අවබෝධය වැඩි පාලන පංතියක් ඇති වීම, අධ්‍යාපනය ලැබූ අයට ලැබුණු ආත්ම ධෛර්යය හා අභිමානය, අධ්‍යාත්මකව උසස් තත්ත්වයනට ඔවුන් පත්වීම ආදී කරුණු නිසා හෙළ අසුර රාජ්‍යයේ වැඩීයාමක් සිදු වූයේ අධිරාජ්‍යයක් දක්වාය. (සංස්කෘතික අධිරාජ්‍යය) මෙම අධ්‍යාපන ක්‍රමයට ප්‍රධානියෙක් විය.

ඔහු ශක්‍ර නමින් හැඳින්විණ. ආරම්භක ශක්‍ර වූයේ අධ්‍යාපනය ඇරඹූ බෘගු මහ ඍෂිය එනිසාම ඔහුට ‘‘ශක්‍රාචාරි යයි කියති. මෙය විශ්වවිද්‍යාලයක වත්මන් ‘‘චාන්සලර්’’ තත්ත්වය බඳුය. මෙම පාලන පන්තිය නොහොත් ​ෙද්ව වංශයේ ඉහළම මට්ටමේ සිටියේ ඍෂිවරුන් හා මුනිවරුන්ය. ඍෂි යනු තමන් දත්දේ අනුනට කියාදෙන අයයි. මුනිවරු යන නිශ්ශබ්දව ‘‘මුණිවත’’ රකින අයයි. පුලස්ති ඍෂිවරයෙකු වූ අතර ඔහු පුත් විශ්‍රවස් (බැල්මකින් හවිර්ගු ගැබ් ගන්වා උපන්) මුනිවරයෙකි. දේව අධ්‍යාපනය සමනල කන්දේ විසූ සුමන සමන්ගෙන් අවසන්වන අතර අවසන් ශක්‍රද ඔහුය. සුමන යනු ශක්‍රබව මහාවංශය (1:33) සද්ධර්මරත්නාවලිය, සැළලිහිනි සන්දේශය, සමන්තකූට වර්ණනා, බෝධි වංශය ආදී කෘති වල සඳහන් වේ. ලංකාවට මෙබදු ගෞරවයක් ලබාදීමට අකමැති ඉතිහාසඥයෝ ශක්‍ර සිටියේ ටිබෙට් රටේ බවටද ඉරානයේ බවටද විවිධ මත පළකරමින් වාග් විද්‍යානුකූල (සක්ක) සාක්ෂි ඉදිරිපත් කිරීමට උත්සාහ දරති.

රටවල් හෝ රාජ්‍යයන් වෙන් වෙන්ව නොතිබුණු මෙම අවධියේ හෙළයන් කොකේසස් කඳු ප්‍රදේශයේ දකුණු අමෙරිකාවේ දකුණු යුරෝපයේ (රෝමනියා) ඉන්දියාවේ නැගෙනහිර ඔරිස්සාවේ බටහිර ඉන්දියානු වෙරළේ බ්‍රැගු කච්ච (තොට) නොහොත් දැන් බ්‍රෝච්වල, ලංකාවේ අබය නගරයේ හා වැඩිහිටි කන්​ෙද් කළුතර ආදී විවිධ තැන්වල ජනාවාස ඇතිකරගෙන සිටි බවට සාක්ෂි ඇත. නිවර්තනික කලාපය තුළ බටහිරින් අන්දීස් කඳු වල සිට නැගෙනහිර ෆීජි දූපත් (රමණක) දක්වා උණුසුම් ලෝක තීරයක පැතිරී පැවති හෙළ සංස්කෘතිය නිසා බටහිරුවෝ මීට අසුර අධිරාජ්‍යය යයි කියති. ප්‍රලදගෙන් පසු රජකම හිමි වීරචන කුමරු දකුණු අමෙරිකාවට ගොස් ජනාවාස ඇතිකළ නිසා මුනුපුරෙකු වන බාලි රජු (මහබාලි) නායකත්වයට පත්විය.