Published On: Mon, Jun 8th, 2020

සීගිරියේ ඉංජිනේරු තාක්ෂණය

Share This
Tags

මෙම පර්වත රාජයා නිකම්ම නිකං වූ ගිරි ශිඛරයක් නොව ජාතික උරුමයක්. ඒ විතරක් නෙමෙයි, සීගිරි පර්වත රාජයා සහ ඒ වටා වූ නටඹුන් වර්තමාන ලෝකයේ අටවැනි ලෝක පුදුමය ලෙසින් හඳුන්වනවා පමණක් නොව, යුනේස්කො ආයතනය ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා.ශ්‍රී ලංකාවේ රාජධානි ගැන සලකනවිට, සීගිරිය රාජධානියට සුවිශේෂී වැදගත් කමක් හිමි වෙනවා. ධාතුසේන රජතුමාගෙන් පසු රාජ්‍ය පාලනයට පැමිණෙන කාශ්‍යප කුමාරයා, තම සහෝදරයාට පෙර රාජ්‍ය බලය පිහිටුවා ගන්නේ සීගිරිය ඇසුරු කරගෙනයි. මේ අපේ රටේ ඉතිහාසයේ ක්‍රි. ව. 477 වකවානුවයිසීගිරිය ගැන කතා කරනකොට අපට අංශ කිහිපයක් ඔස්සේ ඒ ගැන කතාකරන්නට පුළුවන්. ඇත්තටම සීගිරි පුවත ඉතා අපූරු කතාවක්. මහාවංශය ඇතුළු අපේ ඉතිහාස මූලාශ්‍ර රාශියකම වැදගත් තැනක් සීගිරි රාජ්‍ය සමයට ලබාදීලා තියෙනවා.සීගිරිය කියන්නේ විශාල පර්වතයක්. මේ පර්වතය මුදුනේ තමයි කාශ්‍යප රජතුමා තමන්ගේ රාජධානිය ගොඩනැගුවේ. රාජධානියක් ගොඩ නගන්න පොළව මත ඕනෑතරම් ඉඩකඩ තියෙද්දී, මේ වගේ පර්වතයක් තෝරා ගත්තේ ඇයි? මේ ඉතිහාසඥයින්ට අදටත් පැහැදිලි කල නොහැකි ප්‍රශ්නයක්.

සීගිරිය රාජධානියක් කියල සමහරු කියනවා. ඒ වගේම තවත් පිරිසක් සීගිරිය බලකොටුවක් කියලත් හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි, බොහෝ කලාකරුවන් මෙය හඳුන්වන්නේ “ආලකමන්දාව” කියලයි.ක්‍රි. ව. 460 දී අනුරාධපුරයේ රජ කල ධාතුසේන රජතුමාට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටියා. අගබිසවගේ පුතු වූයේ මොග්ගොල්ලානයි. දෙවන බිසවගේ පුතු කාශ්‍යප නම් වුණා. රාජ්‍ය සම්ප්‍රදායට අනුව පිය රජුගෙන් පසුව කිරුළ හිමිවෙන්නේ අගබිසවගේ කුමරාට වුවත්, කුමන්ත්‍රණයකින් කාශ්‍යප කුමරා රාජ්‍ය බලය පැහැර ගන්නේ තම පියාව මරාදමමින්. ඒ අනුව පිතෘඝාතක රජෙක් හැටියටයි කාශ්‍යප කුමාරයා ඉතිහාසයට එක්වෙන්නේ.මොග්ගොල්ලන හෙවත් මුගලන් කුමරු රහසිගතව ඉන්දියාවට පලාගිය නිසා අනුරාධපුරයේ රැඳීසිටීමට කාශ්‍යප කැමති වෙන්නේ නැහැ. තම සහෝදරයා කුමන හෝ මොහොතක සේනාවක් සමඟ පැමිණ රාජ්‍ය පැහැරගනී යන බිය ඔහුට තිබුණා.

ඒ නිසා වඩා ආරක්ෂාකාරී තැනක තම රාජධානිය පිහිටුවන්න කාශ්‍යපට උවමනා කළා. සීගිරි පර්වතය ඔහුට හමුවන්නේ මේ ගැන කරපු සෙවුම් බැලුම් වල ප්‍රථිපලයක් හැටියටයි.ඒ අනුව ක්‍රි. ව. 477 දී ලංකාවේ නවතම රාජධානිය, කාශ්‍යප රජතුමා විසින් සීගිරියේ පිහිටුවනු ලබනවා. මෙතුමා මෞර්ය වංශිකයෙක් කියල තමයි ඓතිහාසික මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ.සීගිරිය අයත් වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයටයි. එහි ඉනාමළුව කෝරළයේ වගපනහ පල්ලේසිය කියන ප්‍රදේශයේ තමයි සීගිරිය පිහිටලා තියෙන්නේ.සීගිරිය වටේට තියෙන්නේ මනරම් කඳු වළල්ලක්. නැගෙනහිරින් නුවරගල සහ ගල්ළිඳ කඳුවැටිවලින්ද, දකුණින් කන්ඩලම කඳු වැටියෙන්ද, බස්නාහිරෙන් ලෙනදොර අරංගල කඳු වැටියෙන්ද, උතුරු දිශාවෙන් රිටිගල කඳුවැටියෙන්ද වටවූ භූමි භාගයක් තමයි සීගිරියට අයත් වෙන්නේ. මේ අහස උසට පැන නැඟුන මනෝරම්‍ය වූ පර්වත රාජයා, ඈත සිට බලන කෙනෙකුට පෙනෙන්නේ හරි අපූරු විදිහකට. ඒ, වැතිර හිස ඔසවා ගෙන සිටින සිංහයකුගේ විලාශයක් විදහා දැක්වෙන ආකාරයෙන්.

මෙම පර්වත රාජයා නිකම්ම නිකං වූ ගිරි ශිඛරයක් නොව ජාතික උරුමයක්. ඒ විතරක් නෙමෙයි, සීගිරි පර්වත රාජයා සහ ඒ වටා වූ නටඹුන් වර්තමාන ලෝකයේ අටවැනි ලෝක පුදුමය ලෙසින් හඳුන්වනවා පමණක් නොව, යුනේස්කො ආයතනය ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා.සීගිරි සංකීර්ණය හා ලක්ෂණසීගිරිය කියන්නේ සුවිශේෂ නිර්මාණයක්. ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ ගොඩනැගිලි සංකීර්ණයක් බවයි විද්වතුන් සඳහන් කරන්නේ. සීගිරි සංකීර්ණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මෙලෙස දක්වන්නට පුළුවන්:පර්වතය මුදුනේ ඇති රජ මාළිගාව/ගඩොලින් තැනූ සිංහයාගේ රූපය/ලලනාවන් ගේ රුව සහිත බිතු සිතුවම් සීගිරි කැටපත් පවුරසීගිරිය ගැන කතා කරන කොට මේ කාරණා අමතක කරන බැහැ.

මොකද මේවා නිර්මාණය කරලා තියෙන ශිල්ප ක්‍රම දිහා බැලුවාම ඇත්තටම පුදුම හිතෙනවා. දේශීය මෙන්ම විදේශීය විද්වතුන් පවා මේ නිර්මාණ සිදු කර ඇති ආකාරය ගැන විස්මයට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි,/ඇතුල් නුවර හා මළුපෙත්/ජල උද්‍යානයදිය අගල් හා පවුර යන අංග මිට අමතරව සීගිරි සංකීර්ණයට අයත් දේවල් හැටියට දක්වන්න පුළුවන්. දිය අගල් හා පවුර ඇත්ත වශයෙන්ම ඉඳිකර ඇත්තේ ආරක්ෂක උපක්‍රම වශයෙනි. සීගිරි පර්වතය වටා ඇති මේ දිය අගල් පිටත දිය අගල හා ඇතුළු දිය අගල වශයෙන් තිබෙනවා. නමුත් අද අපට දක්නට ලැබෙන්නේ ඇතුළු දිය අගල පමණයි. ඒ පිටත දිය අගල ගොඩවී ඇති නිසයි. තවද අද දක්නල ලැබෙන්නේ පිට පවුරේ පාඩම පමණයි.සීගිරියේ වැදගත්ම කොටස එහි ඉඳිකර තිබුණු රාජ මාළිගාවයි. අද දක්නට ලැබෙන්නේ ඒ සුවිසල් ගොඩනැගිල්ලේ නටබුන් පමණක් වුවත්, එහි ශ්‍රී විභූතිය ගැන චිත්‍රයක් මවා ගන්නට එය ප්‍රමාණවත්.

සීගිරි පව්වේ මුදුනතට මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උසක් තියෙනවා. ඒක සාමාන්‍ය පොළෝ මට්ටමේ සිට කියනවනම් මීටර් 200 ක් විතර වෙනවා. සීගිරි ගල මුදුනේ බිම් ප්‍රමාණය වර්ග හෙක්ටයාර 3 ක් පමණ වෙනවා. රාජ මාළිගාව හා අනෙකුත් ගොඩනැගිලි නිර්මාණය කර තිබුනේ මේ භුමි ප්‍රමාණය මතයි.ක්‍රි:ව: 5 වන සියවස අගභාගයේදී ඉදි කරන ලද මේ රාජ මාළිගාවට අමතරව මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදිය මෙන්ම, මල් උයන්ද මෙහි දක්නට ලැබෙනවා.ප්‍රධාන මාළිගාව පිහිටා තිබුනේ පර්වත මුනුනතේ උසම ස්ථානයේ, එය අඩි 67 දිගින් හා අඩි 37 පළලින් යුක්ත බව මාළිගාවේ නටඹුන් වලින් තහවුරු වෙනවා. මිට අමතරව විහිදීගිය මාළිගා කිහිපයකම නටඹුන් මේ සංකීර්ණය තුළ දක්නට ලැබෙනවා.මෙහි ඇති ප්‍රධාන පොකුණ ගලෙහිම සාදා ඇති අතර එය දිගින් අඩි 90 ක් හා පළලින් අඩි 68 ක් වෙනවා.

මිට අමතරව ගඩොල් වලින් සාදන ලද කුඩා පොකුණු 3 ක් සීගිරිය මුදුනේ දක්නට පුළුවන්.සූර්යයාලෝකය කෙලින්ම වැටෙන නිසා සීගිරි ගල ඉතා ඉක්මනින් රත් වෙනවා. මේ නිසා ඇතිවන දැඩි උණුසුම නිසා දහවල් කාලයේදී ගල මතුපිට සිටීම ඉතා දුෂ්කරයි. එහෙත් මේ අපහසුතාවය මගහරවාගෙන රාජ්‍ය පාලන කටයුතු සිදු කිරීමට කාශ්‍යප රජතුමා පියවරගෙන තිබුණා. ඒ, සීගිරිය තුල ඉඳිකර තිබූ ගිම්හාන මාළිගා ප්‍රයෝජනයට ගැනීමෙනි.මේ මාළිගා රාජ තාන්ත්‍රික කටයුතු වලටත් රජතුමාගේ පෞද්ගලික සුඛ විහරණයටත් ගැලපෙන සේ නිර්මාණය කර ඇතිබව පසුකාලීනව සොයා ගැනුණා. මේ මාළිගා විශේෂය සදා තිබුණේ ගල මතුපිට දකුණු පැත්තේ පිහිටි සෘජූකෝණාශ්‍රාකාර දූපතේය.සීගිරියට පිවිසෙන ඕනෑම කෙනෙකුගේ නෙත්සිත් පැහැර ගන්නා ප්‍රධානම දෙය වන්නේ පර්වත පාමුල පිහිටි විස්මිත සිංහ පාදයයි. ගඩොලින් තනා ඇති මේ පාද සිංහයකුට අයත් බවයි ඉතිහාස මූලාශ්‍ර වල දැක්වෙන්නේ. අතීතයේදී මෙතන විශාල සිංහ රූපයක් තිබුණා කියලයි ජනප්‍රවාද වල දැක්වෙන්නේ.

මුල් කාලයේ සිංහගිරි නමින් සීගිරිය හැදින්වීමට මේ සිංහ රුපය ඉවහල් වූවා කියල ඒ අනුව හිතන්න පුළුවන්. අහස දෙසට යොමු වුණු, උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව සිටින සිංහරාජයෙකුගේ විලාසයකින් තමයි මේ සිංහ රුපය දක්නට ලැබෙන්නේ.එහෙත් මෙය ඇත්තටම සිංහයකුගේ රුවක්ද? මෙලෙස ප්‍රශ්න කරන බොහෝ විචාරයින්ද ඉන්නවා. ඔවුන් බොහෝ දෙනෙක් කියන්නේ මෙය කිසියම් පක්ෂියෙකුගේ පාදයක් විය හැකි බවයි. සීගිරිය පසු කාලීනව සොයාගත් (1898 දී) ඒච්.සී.පී.බෙල් මහතාගේ (H.C.P. Bell) අදහස වූයේ මෙය සිංහ පාදයක් බවයි.ඔහුගෙන් පසුව පැවත ආ සියලුම පුරාවිද්‍යාඥයින් එම මතයේ එල්බගෙන සිටීම නිසා එය සිංහ පාදය ලෙසින් තහවුරු වූ බවයි ඔවුන් පවසන්නේ.සීගිරියේ චිත්තාකර්ශනිය කොටස වන්නේ බිතු සිතුවම් සහිත කොටසයි. මේ චිත්‍ර සීගිරි ගලේ නොයෙක් ගුහා වල තමයි දක්නට ලැබෙන්නේ.

ඇත්තවශයෙන්ම සීගිරිය ලෝ පතලවී ඇත්තේ එහි ඇති මේ බිතු සිතුවම් නිසයි.ප්‍රධාන චිත්‍ර දක්නට ලැබෙන්නේ, මහා පර්වතයේ බටහිර දෙසින් පිහිටි ඇතුලට නෙරා ගිය නැම්මක ඉහල කොටසෙයි. සීගිරි ගලේ මේ නැම්ම හඳුන්වන්නේ “කෝෂය ” යන නමින්. අතීතයේදී පර්වතයේ බටහිර පැත්ත පුරාම මේ චිත්‍ර විහිදී තිබූ බවට විද්වතුන් මත පල කරනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට අද අපට දක්නට ලැබෙන්නේ, ඒ සා විසාල චිත්‍ර සමූහයකින් ශේෂවූ සුළු ප්‍රමාණයක් පමණයි.

මේ සිතුවම් වලින් ප්‍රධාන වශයෙන් නිරුපණය කෙරෙන්නේ කාන්තාවන්ය. මොවුන් රජතුමාගේ බිසෝවරුන් හෝ අන්තඃපුර ලඳුන් විය හැකි බව ඇතැම් විචාරකයින් පවසනවා. එහෙත් තවත් පිරිසකගේ මතය වන්නේ මේ චිත්‍ර වල දැක්වෙන්නේ දිව්‍යාංගනාවන් බවයි.සීගිරි චිත්‍ර ගැන කතා කරන කොට 1967 ඔක්තෝබර් 17 වෙනිදා සිදුවූ ඒ අවාසනාවන්ත සිද්ධිය අමතක කරන්නට බැරිය. කාටත් හොර රහසේ රාත්‍රී කාලයේ බිතු සිතුවම් වෙත ලඟාවූ එක්තරා පුද්ගලයෙක් මේ සිතුවම් මත කළු තීන්ත ආලේප කළා. ඔහුගේ අරමුණ වුණේ ශතවර්ෂ 14 ක කාලයක් තිස්සේ පවතී මේ විශිෂ්ඨ නිර්මාණ සදහටම විනාශ කර දැමීමයි. කෙසේ වෙතත් ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි නමැති වීශේෂඥයා මේ කළු තීන්ත ඉවත් කිරීම භාර ගැනීම අප සැමගේ භාග්‍යයක්.

ඒ 1967 ඔක්තෝබර් 22 දා.සීගිරියේ කිර්තිය ලොවට විදහාපාන අනෙක් සාධකය වන්නේ කැටපත් පවුරයි. කැටපත් පවුරේ දක්නට ලැබෙන්නේ කුරුටු ගී ය. මේවා උසස් මට්ටමේ කාව්‍ය නොවුනද මේවා නිර්මාණශිලිත්වයෙන් හා රසයෙන් කිසිදු අඩුවක් නැත. සීගිරිය නැරඹීමට පැමිණි නොයෙක් දෙනා තම අදහස් පලකලේ මෙම කැටපත් පවුරෙහිය. පුරාන බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා ඇති මේ කුරුටු ගී වලින් 700 වැඩි ප්‍රමාණයක් කියවා තේරුම් ගැනීමට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට හැකිවුණා.සීගිරියේ ගෘහනිර්මාණ කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් ලී, ගඩොල් හා කළුගල් යොදාගෙන තිබෙනවා.

සීගිරි ගඩොල් වඩුවාගේ විශිෂ්ට නිර්මාණ ලෙස කැටපත් පවුර, සිංහ සෝපානය, ප්‍රධාන මාළිගය දක්වන්නට පුළුවන් බවයි පුරා විද්‍යාඥයින් පවසන්නේ.තවද සීගිරියේ ජල තාක්ෂණය හා කළමනාකරණය ගැනද අපට අමතක කරන්නට බැහැ. එය අපේ හෙළ දරුවන්ගේ ශිල්ප ඥාණය ලොවටම විදහා දක්වන කැඩපතක්. සීගිරිය ගල මතුපිටට ජලය ගෙනගියේ කෙසේද? එසේම පොකුණුවල ජල මල් ක්‍රියාත්මක කලේ කුමන තාක්ෂණයක් උපයෝගී කරගෙනද? මේවා අදටත් නූතන විද්‍යාඥයින් පවා විස්මයට පත් කරවන කාරණායි.සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල, නොඑසේ නම් එකම වර්ගයේ අංශු අතර ඇතිවන ආකර්ෂණ බලයයි.